Monday, July 28, 2014

අගය කිරීම!

අඳුරන මිනිස්සු නම් ගොඩයි.,ඒත් අත දෙන්න හෝ වචනෙකින් බොක්කෙන්ම සප් එකක් දෙන්නේ එතනින් කීයෙන් කී දෙනාද .. මේ වචන ටික ලියන්න හේතුව අගය කල යුතු දේ අගය කල යුතු නිසාවෙනි.,
මුලින්ම මා ඔහුගේ ආයතනයට ගියේ වෙනත් කෙනෙකුගේ වැඩක් සම්පූර්ණ කර දීම සඳහාය .,එදා මම ආධුනික බව තේරුණත් එම ආයතනයට ඒමට කරුණු කාරනා යෙදී තිබුන නිසා සතුටු වූයේ මාගේ වැඩකටයුතු සඳහාද දැන් මෙම ආයතනයට ඒමට පුළුවන් නිසාය., කාලය යත්ම මම ඔහු සමඟ බෙහෙවින් ෆිට් විය.,එලෙසම මගේ සහෝදරයන් දෙපලද මාත් සමඟ සම්බන්ධ උනේය .,තව කාලයක් ගියේ වැඩ අධික මාස කිහිපයක් පසුකරමින්ය.

දැන් මම සහ ධනුෂ් කේ , ලියෝ වන අප තිදෙනා බ්ලැක් ඩයමන්ඩ්ස් මියුසික් බෑන්ඩ් එක ලෙස පෙනී සිටින්නේ උක්ත තැනැත්තාගේ නොමසුරු සහ අවංක අදහස් සහ විවිධ උපකාරාත්මක දේවලින් අපට සංග්‍රහ කල නිසාවෙන්ය.තව අය මේ තත්වෙට එන්න උදව් කරත් මොහු අපට සලකන විදිය නම් ආයේ කතා කරලා වැඩක් නැත..

විටෙක ඔහු ගුරුවරයෙක්,බනින,කෑගහන,.,විටෙක ඔහු අපත් සමඟ විවිද අන්දමේ සාකච්චා පවත්වයි.,විටෙක ඔහු සමඟ අපිත් බෙරිහන්දී ඩේඟා නටයි.,තවත් විටෙක ඔහු අපට යමක් ටොකු ඇන ඇන කියා දෙයි.තවත් විටෙක ඔහු අපේ සහෝදරයෙක් ලෙස පෙනි සිටි,එලෙසම විශාලම දේ ., _ආහ.,හරි හරි.,අමිල හරි.,ආයේ උඹට නොකරන උදවු තියෙනවද බං මං ළඟ_ ඒ වචන ටිකම අපගේ සිත් වලට ධනාත්මක ආකල්පයක් ඇති කරන්නේ ඔහු ගැන ගුරුවරයෙක් කියනා තැන තව තවත් ඔප්පු කරමින්ය !

(උඹ මචං බං යැයි අපව අමතන්නේ වුවද අප ඔහුට ගරු කරන්නේ වයස නිසාම නොව.,ඇත්ත ඇති සැටියෙන් දකින, පොලවේ පය ගහලා ජීවත්වෙන, එක වචනෙක, සාර්ථක මනුස්සයෙක් නිසාවෙනි,ඔහු කෙතරම් උසස් පුද්ගලයන් ඇසුරු කලද අප ඔහුත් සමඟ සිටින විට ඔහු අපේ යාලුවෙක්,ෆිට් එකක් යැයි හැඟෙන්නේ ඔහුගේ වචනවලින් පමණක් නොව,ඔහුගේ සිතුවිලි සහ හැසිරීමෙහි ඇති අවංක මහත්මා ගතිය නිසාවෙනි)

ඔහු නමින් තරංග රත්නායක(තරංග අයියා) (ඔහුගේ මූණු පොතේ පිටුව).ශ්‍රී ශබ්ධාගාරයේ හිමිකරු සේම නොයෙකුත්  සංගීත භාණ්ඩ වාදනයේද ,ශබ්ධ පරිපාලයේද , ගායනයේද අති දක්ෂයෙක් වන මොහු කන්ද උඩරටට අභිමානයක් සේම අප සැමට ආදර්ශයක්ද වන්නේය.













සශ්‍රී ශබ්දාගාරය යනු මධ්‍යම පළාතටම තිබෙන හොඳම අංක එකේ ශබ්දාගාරය වන්නේය.,මෙය ඇත්තේ මහනුවර බහිරවකන්ද , අනිවත්ත ප්‍රදේශයේ දැනට කලකට ඉහත සත්වෝදය නමින් නම් වී තිබූ ගොඩනැගිල්ලෙහිය.

| කිව යුතු දෙයක් ඇත .,මහනුවරම සිටින එක්තරා අයෙක් විවිධ පුද්ගලයන් හමුවේ මෙවැනි දේවල් කියා ඇත.,
“නුවර කොහෙද ස්ටුඩියෝ”  “නුවර කවුද බං මියුසික් කරන්නේ”  - මෙලෙස කියූ පුද්ගලයා මම මේ ලිපිය ලියන දිනය වනවිටවත්(2014.07.28) තමාගේ කියා ගීතයක් කර නොමැත.,ඇත්තේ අනුන් විසින් ගයන ලද ගීත දෙක තුනක් එම පුද්ගලයා විසින් ගායනා කර ලැබූ දේ පමණි. |

කවර කතාද.,බල්ලෝ බුරති.,කඳු පාත් නොවෙති,මේ එක් අයෙක් පැවසූ එක දෙයක් පමණි.,එව්වා වැඩක් නෑ.වාසි අතට හෝයියා ලෙස ඔහේ දුවනා තමන් ගැන පමණක් වර්ණනා කවි කතා ගොතනා විකාරරූපී මිනිසුන් ඉන්න ලෝකේ ඔබ වැනි අය ඉතාමත් අල්පය.
අප හට  මෙන්ම තවත් විශාල ප්‍රමාණයකට නැගී සිටින්නට අත දුන්,ආදරණිය තරංග රත්නායක ගුරුවරයාණනි .,ඔබට අපගේ හද පිරි ස්තුතිය., හැමදාමත් අප ඔබත් සමඟය !!!
උදව්වට උදව්වක් නොවේ., උදව්වට ගරුත්වයක්

(Some Makings - Inside of the STUDIO)

ධනුෂ් කේ.
අමිල එම්.
-BLACK DIAMONDZ-

(2014.07.28)